කොළොන්නාව නගර සභා මුරකරු කුඩුත් එක්ක මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළොන්නාව නගර සභාවේ මුරකරුවකු රුපියල් එක්ලක්ෂ පනස්දාහක් පමණ වටිනා හොරෙයින් මත්කුඩු සමඟ  වැල්ලම්පිටිය සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 915 ක් සොයාගත් බව  පොලිසිය කියයි.

 සැකකරු කොලොන්නාව කැප්පෙටිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි