(මහින්ද නිශ්ශංක)
පාසල් නිවාඩුව සහ උත්සව සමය වෙනුවෙන් අද(22) සිට ජනවාරි 6වැනිදා දක්වා කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.
මෙම දුම්රිය කොළඹ කොටුවෙන් 22, 24, 26, 28, දිනවල ද ජනවාරි 2, 4, 6 යන දිනයන්හි දී පිටත්වන අතර එය දෙසැම්බර් 23, 25, 27, 29 හා ජනවාරි 3, 5, 7 දිනවල බදුල්ලෙන් පිටත්වීමට නියමිතය.

