(ඩයනා උදයංගනී)
මෙවර මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරගැනීම අද (19) දහවල් 12.00 ට අවසන් වූ අතර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 19 ක් හා ස්වාධීන කණ්ඩායම් 27 ක් නාම යෝජනා භාර දී තිබේ.
ලබා දී ඇති නාමයෝජනා ලැයිස්තු සම්බන්ධයෙන් විරෝධතා වේ නම් ඉදිරිපත් කිරීමට අද (19) පස්වරු 1.30 දක්වා කාලය ලබා දී ඇත. කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාරගැනීම එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමඟි ජන බලවේගය, ජාතික ජන බලවේගය, අපේ ජනබල පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජනසෙත පෙරමුණ, සිංහලදීප ජාතික පෙරමුණ, එක්සත් සමාජවාදී පක්ෂය, ජාතික සංවර්ධන පෙරමුණ, සමාජවාදී සමානතා පක්ෂය, මව්බිම ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, ලිබරල් පක්ෂය, ජාතික ජනතා පක්ෂය, නව සිහල උරුමය, එක්සත් වාමාංශික පෙරමුණ, ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු ජාතික සංවිධානය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ මෙවර කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා ලබා දුන් පිළිගත් දේශපාලන පක්ෂ වේ.







( ඡායාරූප-ළහිරු හර්ෂණ)

