
(අංජුල මහික වීරරත්න)
කොළඹ බැස්ටියන් මාවතෙන් ගමන් අරඹන දුර ගමන් බස් සේවා වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
බැස්ටියෙන් මාවත මගී බස් පර්යන්තයෙන් ගමන් ආරම්භ කරන කිලෝමීටර් සියයකට වඩා දුර ධාවනය වන බස් රථ වල ප්‍රමිතිය මෙම වැඩසටහන යටතේ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතව ඇත.
ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතාගේ ප්‍රධානත්වයෙන්අ ද(9) පෙරවරුවේ සිට මෙම වැඩසටහන අරඹන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

