
(අංජුල මහික වීරරත්න)
නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 937කට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 180කට හෙට (17) ඔප්පු ප්‍රදානය කෙරෙයි.
කොළඹ නගරයේ මහල් නිවාස වල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50000කට හිමිකම් ඔප්පු ලබාදීමේ "රන්දොර උරුමය" වැඩ සටහන යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ,සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඔප්පු ප්‍රදානය සිදු කෙරෙයි.
මෙහි පළමු අදියර යටතේ "රන්දොර උරුමය" හිමිකම් ඔප්පු 1117ක් ලබාදීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස තිස් එකක නිවැසියන්ට මෙම "රන්දොර උරුමය" හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතය.

