කොළඹට නව මහාධිකරණ විනිසුරුවරයෙක්


කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු ලෙස මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පත් කරනු ලැබ සිටියි.

කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස උසස් වීම නිසා මේ පුරප්පාඩුව ඇති විය.

කොළඹ මහාධිකරණයේ පරිපාලන කටයුතුද සූරසේන මහතාට පැවරේ.