නිමල කොඩිතුවක්කු
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ‘‘ජන බලය කොළඹට‘‘ විරෝධතාවය සඳහා ලක්ෂ ගණනින් සෙනඟ ගෙන එන බවට පුරාජේරු කතා කීවත් කොළඹට ආවේ සොච්චම් සෙනඟක් යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී පැවසීය.
ජනබලය විරෝධතාවයේදී විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු අපහසුතාවයකට පත් නොවූවද එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටියදි මෙවැනි විරෝධතා වලදි විවිධ ගැටළුවලට මුහුණ දිමට සිදුවූ බවද ඒ මහතා සඳහන් කළේය.
විරෝධතාවයේදි පොලීසිය හැසුරුනු ආකාරය සම්බන්ධයෙන් තමා පොලිස්පතිතුමා ඇතුළු පොලීසියට ස්තූතිවන්ත වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විරෝධතාවය හේතුවෙන් පීඩාවට පත්වු කොළඹ ප‍්‍රදේශයේ ජනතාවට කණගාටුව පළ කරන බවද ඇමැතිවරයා මහතා වැඩිදුරටත් පැවසීය.

