කොළඹට කසිප්පු බෙදන්න බැරිවෙයි


ජාඇළ පමුණුගම, හැමිල්ටන් ඇළට යාබදව පිහිටි  ඉඩමක් වටලා  ප්‍රවාහනය  සඳහා සුදානම් කර තිබු බව කියන   නීති විරෝධි කසිප්පු ස්ප්‍රීතු බෝතල් 500 ක්   සමඟ සැකකරුවෙකු සුරාබදු නිලධාරීන් විසින් අද (25) අත් අඩංගුවට ගනු ලැබීය.

අත් අඩංගුවට ගනු ලැබු  ස්ප්‍රීතු   බෝතල් 500 පොලිතින් මළු දහයක අසුරා ප්‍රවාහනය  සඳහා  සුදානම් කර තිබූ බවත් ඒවා  කොළඹට රැගෙන යාම සඳහා ත්‍රීරෝද රථයක් පැමිණෙන තුරු සැකකරුවන් බලා සිට ඇති බවත් වැටලීම කළ නිලධාරීහු කියති.

සැකකරු වයස අවුරුදු හැට දෙකක  පමුණුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සුරාබදු නිලධාරින්  එම  ස්ථානය  වටලන අවස්ථාවේ   එහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් ඇත. ඒ බව අත් අඩංගුවට ගනු ලබු සැකකරු විසින් සුරාබදු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ  පවසා ඇත.

මෙම ස්ප්‍රීතු  මුතුරාජ වෙල රක්ෂිතය ආශ්‍රීත වගුරුබිම් වල පෙරා ඇති බවට සැක කරන  සුරාබදු නිලධාරිහු පලාගිය සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනිමට වැඩිදුර විමර්ශන සිදු කරති.

අත් අඩංගුවට ගත් මත්පැන් තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස් දහසකි.කොළඹ ප්‍රදේශයට  ප්‍රවාහනය කරනු ලබන නීති විරෝධි  ස්ප්‍රීතු  සම්බන්ධව වැටලිම් දැඩි කිරිමට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතා විසින් ලබාදි  ඇති උපදෙස් පරිදි මෙම වැටලිම සුරාබදු අපරාධ අංශය භාර නියොජ්‍ය  සුරාබදු කොමසාරිස්  ජේ. පුෂ්පකුමාර සිල්වා මහතාගේ  මෙහයවීම මත සුරාබදු පරික්ෂක ඒ.ආර්.ලැම්බට් , සුරාබදු පරික්ෂක කේ.ඒ.යු.එල්.සෙනවිරත්න, සුරාබදු සැරයන්  එල්.බි.ගාමිණි සුරාබදු නියාමක සේමසිංහ  යන නිලධාරින් විසින් සිදුකර ඇත.

 30 31