කොළඹ සිසුන් දහයකට විනය පරීක්ෂණ


කොළඹ විශ්ව විද්‍යාලයයේ කලමනාකරණ පීඨයේ ගැටුමට සම්බන්ධ සිසුන් 10 දෙනකු හඳුනාගෙන ඇතැයි ද ඔවුනට එරෙහිව තාවකාලික පංති තහනමක් පනවා විනය පරීක්ෂණ ආරම්භ කරන්නේ යැයි ද ප‍්‍රධාන ශිෂ්‍ය අනුශාසක මහාචාර්ය පේ‍්‍රමකුමාර ද සිල්වා පවසයි. විශ්ව විද්‍යාලයයේ සාමකාමී වාතාවරණයට බාධා කිරීම, විභාග කඩාකප්පල් කිරීම, පොලූ මුගුරු රැස් කිරීම හා සිසුනට පහරදීම යන චෝදනා යටතේ ඔවුනට එරෙහිව විනය ක‍්‍රියා මාර්ග ගන්නේ යැයි ද ඔහු කියයි.