කොළඹ සරසවියේ සිසුවෝත් විරෝධයේ


(යොහාන් භාසුර)

කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන සහ නේවාසිකාර කප්පාදුව ඇතුළු ගැටලු රැසකට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් අද (18) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූ අතර එම විරෝධතාවට දහසක පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගි වූහ.

මහපොළ ශිෂ්‍යත්ව මුදල් ගෙවීම් කරන ලෙස ද එහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බලධාරීන්ගේ ඉල්ලා සිටියහ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)