කොළඹ සරසවි සිසුහු මුව හමට තලති
කොළඹ විශ්ව විද්‍යාලයේ පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය ලංකාදීප ඡායාරූප ශිල්පියකුට එහි සිටි සිසුන් පහර දීමට ගත් උත්සාහය පොලිසියේ හා අනධ්‍යයන සේවකයන්ගේ මැදිහත්වීමෙන් අසාර්ථක විය.
සිසුහු ලංකාදීප මාධ්‍යෙව්දියාගේ කමිස කොලරයෙන් අදිමින් ඔහුලේ කැමරාව උදුරා ගැනීමට තැත් කළහ. ඔහු අනන්‍යතාවය තහවුරු කිරීමට කොතෙක් උත්සාහ කළ ද ප්‍රකෝපකාරී සිසුහු එය නොතකා පහරදීමට උත්සාහ කළහ.
එහිදී පොලීසිය හා අනධ්‍යයන සේවකයෝ ජනමාධ්‍යවේදියා ශිෂ්‍ය ග්‍රහණයෙන් මුදාගෙන ආරක්ෂාකාරී ස්ථානයකට රැගෙන ගියහ. සිසුන් එම ස්ථානයෙන් ඉවත්ව යන තුරු පැයකට වැඩි කාලයක් එහි ගතකිරීමට ඔහුට සිදු විය.

