ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා වශයෙන් තරග වදින බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.
දිසානායක මහතා ගියවර පැවැති මහ මැතිවරණයේ දී පත් වුණේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙනි.
මෙවර මහ මැතිවරණයට තරග වඳින ජනතා විමුක්ති පෙරමුණේ සෙසු නායකයන් මෙසේය.
කොළඹ දිස්ත්‍රික්කය
· කේ.ඩී. ලාල් කාන්ත
· ලක්ෂ්මන් නිපුණආරච්චි
ගම්පහ දිස්ත්‍රික්කය
· විජිත හේරත්
· විමල් රත්නායක
· මහින්ද ජයසිංහ
කළුතර දිස්ත්‍රික්කය
· නලින්ද ජයතිස්ස
මාතර දිස්ත්‍රික්කය
· සුනිල් හඳුන්නෙත්ති
බදුල්ල දිස්ත්‍රික්කය
· සමන්ත විද්‍යාරත්න
අනුරාධපුර දිස්ත්‍රික්කය
· වසන්ත සමරසිංහ
කෑගල්ල දිස්ත්‍රික්කය
· ගාමිණි රත්නායක
හම්බන්තොට දිස්ත්‍රික්කය
· නිහාල් ගලප්පත්ති
අම්පාර දිස්ත්‍රික්කය
· වසන්ත පියතිස්ස
යාපනය දිස්ත්‍රික්කය
· රාමලිංගම් චන්ද්‍රෙස්කරම්

