කොළඹ ශාස්ත්‍ර පීඨය වැසෙයි


(ඉන්දිකා රාමනායක)

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය වසා දැමූ බව එහි උපකුලපති ලක්ෂ්මන් දිසානායක මහතා පවසයි.

පෙරදින සවස සිසුන් දෙපිරිසක් ගැටීම හේතුවෙන් සිසුන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. විශ්ව විද්‍යාල පාලනාධිකාරිය මැදිහත්ව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැත්වුවද ඊයේ(17) රාත්‍රියේ නේවාසිකාගාරයකදී යළි ගැටුම් හටගැනීම හේතුවෙන් මෙසේ විශ්ව විද්‍යාලය තාවකාලිකව වසා දැමිණි.