කොළඹ විදුලිය විසන්ධිය අද නොවේ හෙට


කොළඹ ප්‍රදේශයේ  අද සිදු කිරීමට  නියමිතව තිබු  විදුලි විසන්දි කිරීම අවලංගු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.

 කොළඹ 3,4,5,7 සහ 8 යන ප්‍රදේශයන්හි විටින් විට අද විදුලිය විසන්දි කරන බව මීට පෙර දැනුම් දී තිබුණද එය අවලංගු කිරීමට අද උදෑසන තීරණය කර තිබේ.

ඒ අනුව හෙට දිනයේදී උදෑසන 9 සිට සවස 3 දක්වා මෙම ප්‍රදේශයන්හි විදුලි විසන්දි කිරීම සිදු කෙරන බවද විදුලිබල මණ්ඩලය පවසයි.

(36698)