කොළඹ වරාය පනත හෙට විවාදයට


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී හෙට (19) සහ අනිද්දා (20) පැවැත්වීමට නියමිතය .

විවාදය එම දින දෙකේදීම දවස පුරා පැවැත්වේ.

පනත් කෙටුම්පත පිළිබඳ අවසාන ඡන්ද විමසීම අනිද්දා(20)පස්වරු 4:30 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක වරයා පාර්ලිමේන්තුවට අද (18)දැනුම් දුන්නේය.

මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය දෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඊයේ (17) ඉල්ලීමක් කළේය.