( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම් 23 වැඩිදුර විභාගය සදහා හෙටට (20) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) නියම කළේය.
ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් , බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

