කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය, ආසියා මෝටර් රථ රේසිං සමාජය සමග ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව තුන් වැනි වරටත් සංවිධානය කරන කොළඹ රාත්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරඟාවලිය මේ මස 15 වැනි දා රාත්‍රී පැවැත්වීමට නියමිතය.
ඒ වෙනුවෙන් කොළඹ කොටුව ආශ්‍රිත මාර්ගයන් ධාවන පථ මෙන් වැලි කොට්ට සහ ටයර් යොදා සකසන අයුරු මේ දිනවල දැක ගත හැක.
තරඟ නැරඹීමට පැමිණෙන්නවුන්ගේත් තරග වදින ධාවකයන්ගේත් ආරක්ෂාව උදෙසා මෙලෙස මාර්ග දෙපස වැලි කොට්ට සහ ටයර් එකිනෙක මත එක පවුරක් ලෙස සකසන අතර සම්පූර්ණ ධාවන පථය සදහා වැලි කොට්ට එක්ලක්ෂ පනස් දහසක් පමණ සහ ටයර් පන්දහසක් පමණ යොදා ගැනෙයි.