ඉන්දිකා රාමනායක
කොළඹ යුද හමුදා රෝහල ප‍්‍රමිති ජාත්‍යන්තර සංවිධානය වෙතින් පිළිගත් (ISO 9001 සහතිකයෙන් පිදුම් ලැබීය.
විශ‍්‍රාමික හා සේවයේ නියුතු යුද හමුදා සමාජිකයන්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට, සිවිල් කාර්ය මණ්ඩලයට, නාවික, ගුවන්, පොලිස්, සාමාජිකයන්ට වෛද්‍ය පහසුකම් සපයන දිවයිනේ ඉතා උසස්ම රෝහල ලෙස පිළිගනිමින් මෙම ජාත්‍යන්තර ප‍්‍රමිති සහතිකය පිරිනැමු බව යුද හමුදාව පවසයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයේ රෝහලක් (ISO 9001 සහතිකයෙන් පිදුම් ලැබු ප‍්‍රථම අවස්ථාව මෙය බවද හමුදාව සඳහන් කරයි.
අති නවීන යුද හමුදා රෝහල ඇඳන් 1024 ක්, වාට්ටු 21 ක්, දන්ත ශල්‍ය වෛද්‍ය ඒකක 12 ක්, මෙහෙයුම් ශල්‍යාගාර 9 ක්, එම්. ආර්. අයි. ස්කෑන් පහසුකම්,ඉහළ මහළේ හෙළිකොප්ටර් පථයක්, ව්‍යාධිවේදය, විකිරණවේදය, සම පිළිබද විද්‍යා ඒකකය, ප‍්‍රසුති කාමර, ආපන ශාලා, ආසන 314 ක් සමන්විත ශ‍්‍රවනාගාරයක්, රෝගීන් 1000 ට අධික ප‍්‍රමාණයක් දෛනිකව පරීක්ෂා කරනු ලබන බාහිර රෝගී අංශයකින් සමන්විත ජාත්‍යන්තර තත්ත්වයේ සියලූ පහසුකම් සහිත තට්ටු 10 කින් සමන්විත මෙම යුද හමුදා රෝහල 2014 මැයි මස 5 වැනි දින විවෘත කරනු ලැබීය.
ශි‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ සභාපති බන්දුල හේරත් මහතා යුද හමුදාපතිවරයා වෙත එම සහතික පිළිනැමු අයුරු ඡායාරූපයෙන් දැක්වේ.