කොළඹ මැරතන් තරගයේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ දස්කම් පාති
එකොළොස් වැනි වතාවටත් පැවැති කොළඹ මැරතන් තරගයේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ජාතික මැරතන් ශූරියක වන රුවිනි දීපානී සමත් වූවාය. විවෘත කාන්තා ශූරිය වූ ගුවන් හමුදාවේ රුවිනි දීපානි පැය 2 යි විනාඩි 57.28 ක කාලයකින් තරගය නිම කළාය.
වසර දෙකකට ඉහතදී කොළඹ මැරතන් තරගයේ ශූරිය වු නාවික හමුදාවේ ලක්මිණී අනුරාධි පැය 3 යි. විනාඩි 11.35 කින් තරගය නිම කරමින් දෙවැනි ස්ථානය දිනාගත් අතර, පී.ඞී. නිලානී ප‍්‍රියදර්ශනී (පැය 3 යි. විනාඩි 11.35) තුන්වැනි ස්ථානය ද දිනා ගැනීමට සමත්වූවාය.
ඡායාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා

