කොළඹ මහානාම විදුහල් ක‍්‍රීඩකයෝ වාර්ෂික සීමිත ඕවර තරගය ජයගනිති


කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර ‘රන් සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයට සමගාමීව එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගයෙන් මහානාම විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 4 ක (ඩක්වත් සහ ලූවිස් න්‍යායට අනුව) ජයක් ලැබීමට සමත් වූහ. ඞී. එස්. සේනානායක විදුහල  ඕවර 45.4 කදී 198 (ලසිත අබේරත්න 41, හරිත් මධුවන්ත 28, සුලීක බ‍්‍රහක්මනගේ 24, නයන ප‍්‍රභාත් 34/2, ජනක දයානන්ද 26/3) මහානාම විදුහල  ඕවර 30.5 කදී කඩුලූ 6 ක් දැවී 168 (පවන් දේවින්ද 21, ජනක දයානන්ද 28, නවීන් සිල්වා නොදැවී 36, කවීන් බණ්ඩාර 25/2)