(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා වශ්‍යයෙන් ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විසින් පත් කරන ලදී. කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කළ මනිලාල් වෛද්‍යතිලක මහතා සිවිල් අභියාචන මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස පත් කිරීමෙන් ඇතිවු පුරප්පාඩුවට හෙයියන්තුඩුව මහතා මෙලෙස පත් කරන ලදී.
මහෙස්ත්‍රාත්වරයෙකු ලෙස අධිකරණ ක්‍ෂෙත්‍රයට එක්ව එම ක්‍ෂෙත්‍රයේ දීර්ඝ පළපුරුද්දක් ඇති හෙයියන්තුඩුව මහතා කළක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වශ්‍යයෙන්ද කටයුතු කළේය.
කොළඹ මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස පත් කරන අවස්ථාව වන විට හෙයියන්තුඩුව මහතා කොළඹ අංක 02 මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.