
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
ගොවිතැන් කටයුතු සදහා පොහොර ලබා දෙන ලෙස ඉල්ලා ගොවිහු පිරිසක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය බලංගොඩ රත්මලවින්න ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (28) දා විරෝධයක නිරත වුහ.
බලංගොඩ රත්මලවින්න ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන ඉදිරිපිට කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ඔවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වුහ.
ගොවිතැන් කටයුතු සදහා පොහොර ලබා ගැනිම ඔවුන් රත්මලවින්න ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානය පැමිණි තිබුණි.
එහි පොහොර නොමැති බවට නිළධාරින් පැවැසිමත් සමග පොහොර ලබා දෙන ලෙස බළධාරින්ට බල කරමින් ඔවුන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුහ. එම ස්ථානයට පැමිණි බලංගොඩ පොලිසියේ නිළධාරින් ඔවුන් මාර්ගයෙන් ඉවත් කිරිම සදහා කටයුතු කල අතර පසුව එක් මංතිරුවක් අවහිර කරමින් විරෝධතාවය කර තිබිණි.


