කොළඹ-බදුල්ල මඟටත් හල්දුම්මුල්ලෙන් ගල් කුළු වැටෙයි


(සමන් පාලිත නානායක්කාර)

පවතින වර්ෂාව සමඟ අද (22) කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට  179 / 5 බෝක්කු කණුව අසල ප්‍රදේශයේදී ගල් කුළු  කඩා වැටීමේ  අවදානමක් පවතින බව  හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.  

මෙම කඳු මුදුනේ විශාල ගල් ඇන්දක කොටස් විටින් විට ගැලවී මාර්ගය මතට පතිත වන බවත් මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම  ස්ථානයේ  ගල් කොටස් කැඩී මාර්ගය මතට  පතිත වී තිබූ  බවත්  මෝටර් රථයකට ගල්කුළු වැටී මීට පෙර අනතුරක් සිදුවී තිබෙන  බවත් ප්‍රදේශවාසීහු පැවසූහ .

මේ අතර  කොස්ලන්ද  වැල්ලවාය මාර්ගයේ දෙසීය දෙකෙන් තුන  බොක්කු කණුව අසල ප්‍රදේශයේ ඉකුත් දින  සිදුවූ නාය යාම වැස්ස  සමග තවදුරටත් සක්‍රීය වී පවතින බැවින්  එම  ස්ථානයෙන් ගමන් ගන්නා රියදුරන්ද විමසිලිමත් විය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.