කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් විවෘත කරයි


(සමන් පාලිත නානායක්කාර )

බෙරගල බත්ගොඩ දී  පස් කඳු නාය ගොස් අවහිරවී තිබූ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එක් මං තීරුවක් (06) සවස් වන විට  විවෘත කර වාහන ගමනාගමනයට හැකි වන ලෙස සකස් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා  පැවසීය.

පහ දින  සවස හතරට පමණ විශාල නාය යාමක් සිදුවී මෙම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබුණි.

  මේ අනුව  පැය 24 ක පමණ කාලයක් මෙම මාර්ගය මුලුමනින්ම  අවහිර වී පැවැතුණි. 

 මාර්ගයේ පස් කඳු ඉවත් කර එක්  මන්තීරුවක්  මේ වනවිට සකස් කර ඇත.