කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පෙරැළෙයි


(සමන් පාලිත නානායක්කාර )

මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ  කොළඹ බදුල්ල ප්‍රධාන  මාර්ගයට  හපුතලේ බෙරගල  අතර ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 

පැවති වර්ෂාවත් සමග අද (01) අලුයම ගල් කුළු  කීපයක් මාර්ගය මතට පතිත වී තිබූ  වී  තිබුණි.

මරංගහවෙල සිට හපුතලේ  දක්වා ඇති  කොළඹ බදුල්ල මාර්ග කොටසට   ඉහළ කඳු බෑවුමේ සිට  ගල් පෙරළීමේ අවදානම පවතින බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

විටින් විට දැඩි මීදුමක්ද පවතින බැවින් මෙම මාර්ග කොටස භාවිතා කිරීමේදී විමසිලිමත්ව සුපරික්ෂාකාරීව රථවාහන ධාවනය කරවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.