කොළඹ පුරපතිනි රෝසි සේනානායක


 

 

(අංජුල මහික වීරරත්න)

කොළඹ මහනගර සභාවේ පාලන බලය හිමි කරගත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරුවේ දිවුරුම් දෙයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන උත්සවයේදී දිවුරුම් දීම සිදුකෙරේ.

කොළඹ නගරාධිපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.