(නිමන්ති රණසිංහ)
කොළඹ පිහිටි ජනප්‍රිය පාසලකට දරුවකු ඇතුළත් කර දීමට යැයි පවසා යුද හමුදා කර්නල්වරයෙකුගේ බිරිඳකගෙන් රුපියල් පන් ලක්ෂයක මුදලක් සහ පෙන්ඩනයක් සහිත රන්මාලයක් ලබාගත් බව කියන සැකකරුවකු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කඩවලගෙදර මූණමල්දෙණීය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකි.
මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික විද්‍යාලයක ගුරුවරියකි.
තම සහෝදරියකගේ මිතුරෙකු විසින් තම දරුවා කොළඹ ජනප්‍රිය පාසලක් වෙත ඇතුළත් කර දීම සඳහා යැයි පවසමින් තමාගෙන් රුපියල් පන්ලක්ෂ හත්දහසක මුදලක් සහ පෙන්ඩනයක් සහිත රන්මාලයක් මෙන්ම රුපියල් තිස් දහසක් වටිනා ජංගම දුරකතනයක් තමාගෙන් ලබා ගත් බවත් ඒ සියල්ල අදාල විද්‍යාලයේ විදුහල්පතිනියට ත්‍යාගයක් ලෙස ලබා දීමට බවට එම පුද්ගලයා විසින් සඳහන් කර ඇති බවත් පැමිණීලිකාරිය සිය පැමිණීල්ලෙන් දක්වා තිබේ.