(නාලක සංජීව දහනායක සහ ආරියරත්න රණබාහු)
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට (27) පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විදුලිය අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව කොළඹ 03, කොළඹ 04, කොළඹ 05,කොළඹ 06, ,කොළඹ 07සහ කොළඹ 08 ප‍්‍රදේශවලට විදුලිය විසන්ධි කෙරෙනු ඇත.
එමෙන්ම මෙම නඩත්තු කටයුතු හේතුවෙන් 31වැනිදාද ඉහත සඳහන් ප‍්‍රදේශවල විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් ස`දහන් කරයි.

