කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්


(නිමල කොඩිතුවක්කු)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(23) පෙරවරුවේ සිට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට(23) දින පෙරවරු10.00 සිට පස්වරු 8.00 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව කොළඹ 1 සිට 15 දක්වා බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ,  කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව”අයිඩීඑච්, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය” ඔරුගොඩවත්ත,  මහරගම සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන කුලුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීම සිදුවන බැවින්  අඹතලේ ජල පවිත්‍රාගාරය මගින්  සැපයෙන ජලය මෙලෙස අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.