
(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරයේ රථවාහන ගාල් කළමනාකරණය හා ගාස්තු නැවත අය කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
ඒ අනුව හෙට(23) පෙරවරු 6 සිට මෙම ගාස්තු අය කිරීමට නියමිතය.
කොළඹ නගර සභාවේ මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලිම් සහ ඒ අවට ඇති වූ වාහන පෝලිම් හේතුවෙන් නැවතුම් ස්ථානවලට සිදු වූ බලපෑම් නිසා ඉන්ධන ලබා ගැනීමට පැමිණි ජනතාවට සහනයක් ලෙස ද රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම මාර්තු 18 දින සිට අත්හිටුවීමට නගර සභාව තීරණය කර තිබිණි.
නමුත් QR කේත ක්‍රමය හා වාහන අංකය (ඔත්තේ/ ඉරට්ටෙටේ ) අනුව ඉන්ධන නිකුත් කිරීම සිදුවන බැවින් ඉන්ධන පිරවුම්හල් අස වාහන පෝලිම් අඩු වී ඇති බව නිරීක්ෂණය වී ඇති හෙයින් නැවත ගාස්තු අය කිරීමට නගර සභාව තීරණය කර ඇත.

