(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ නිවෙස්වලින් බැහැර කරන කසළ අපද්‍රව්‍ය සඳහා ගාස්තුවක් අයකිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම යෝජනාව ලබන වසරේ මාර්තුවේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද එහි කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පැවසීය.
නගරයේ හෝටල් හා ව්‍යාපාරික ස්ථානවලින් දැනටමත් සහන ගාස්තුවක් අයකරන බවද ඒ මහතා කීය.
ලීටර් 40ක කසළ බාස්කට් එකකට දැනට රුපියල් 100ක් අයකරන බවත්, කොමසාරිස්වරයා නිවාසවලින් ලබාගන්නා කසළ ප්‍රමාණය අනුව නියමිත ගාස්තුවක් අයකිරීමට සාකච්ඡා කරන බවද හෙතෙම සඳහන් කළේය.
දැනට කොළඹ නගරයේ කසළ පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට බැහැර කරන අතර, එහි නඩත්තුව සඳහා මෙසේ මුදල් අයකිරීමට නියමිත බවද ඔහු කීය.
ලබන වසරේ මාර්තු සිට කසළ ප්‍රවාහනය රජයේ වියදමින් දුම්රිය මගින් සිදුකෙරෙන බව නගරසභාව පවසයි.
දැනට බැහැර කරන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 600කි.

