කොළඹ නාගරික කොමසාරිස්ට හදිසි මාරුවක්


( ජයන්ත සමරකෝන් )

කොළඹ  නාගරික කොමසාරිස්  වී.කේ.ඒ  අනුර මහතා  වහාම  ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කර  ආර්ථික කටයුතු  අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයට පත් කර තිබේ.

ආණ්ඩුකාර ලේකම්වරයාගේ ඉල්ලීමක් පරිදි (GOS/LEG පොදු 2019.04.02 දරණ ලිපිය) කොළඹ බාන්ස් පෙදෙසේ පිහිටි කෝටි 800 ක් වටිනා  නගර සභා දේපළක් වෙනත් පාර්ශවයකට පැවරීම සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් සති දෙකක් තුළ කොමසාරිස්වරයා  විසින්  සපයා නොමැතිවීම මෙම ස්ථානමාරුව ඉක්මන් වී ඇති බවද එම ආරංචි මාර්ග කියයි.

කෝටි 800 ක් වටිනා මෙම දේපළ වෙනත් පාර්ශ්වයකට පැවරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ ප්‍රබලතම දේශපාලනඥයකු උනන්දු වී සිටි බවටද, ඊට අවශ්‍ය තොරතුරු නොලැබීම  මෙම ස්ථාන මාරුවට හේතුවක් වී ඇතැයිද  වැඩිදුරටත් දැනගන්නට තිබේ. 
 
මේ පිළිබඳව  නගරාධිපති රෝසි සේනානායක මහත්මියගෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.