ආරියරත්න රණබාහු
මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශන වාර්තාවකට අනුව කොළඹ නාගරික කොමසාරිස් වි.කේ.ඒ අනුර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.පි. ලෝගේෂ්වරම් මහතා පියවර ගෙන තිබේ.
මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව මහධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ විමර්ශනයට අනුව නිකුත් කළ වාර්තාවේ නිර්දේශ පරිදී මෙම පියවර ගත් බව ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ඒක පුද්ගල කමිටුව පත් කළ අතර එහි නිර්දේශ අනුව කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරයාට උපදෙස් ලබා දී තිබූ බවද එම ප්‍රකාශකයා පැවසීය.
නාගරික කොමසාරිස් තනතුරෙන් ඉවත් කළ අනුර මහතා බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුක්ත කිරීමට තීරණට කර ඇතැයි හෙතම වැඩිදුරටත් පැවසීය.