කොළඹ නව භූ ලක්ෂණ ඇතුළත් සිතියම මැයි මාසයේ


නිමල කොඩිතුවක්කු
 
කොළඹ නගරයේ මෑතක සිදුවූ නව භූ ලක්ෂණ ඇතුළත් අංග සම්පූර්ණ සිතියම් කාණ්ඩ හැත්තෑවක් මැයි මස අවසන් විමට පෙර එළිදක්වන බව මිනුම්පති පී. එම්. පී උදයකාන්ත මහතා ලංකදීපයට පැවසීය.

 
කොළඹ වරාය , නගරය ඇතුලු  කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවූ නව වෙනස්කම් 66ක් වන සිතියම් කාණ්ඩයේ දක්වා ඇති බවද ඒ මහතා කියා සිටියේය.
 
ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති හැඩය සහ ප්‍රමාණය වෙනස් කරමින් රට තුළ මෑතක සිදුවූ නව භූ ලක්ෂණ ඇතුළත් සිතියම් කාණ්ඩ  92කින් යුත් සම්පූර්ණ සිතියම මේ වසර අවසන් වීමට පෙර එළි දැක්වීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.