(මුදිතා දයානන්ද)
රුපියල් දසලක්ෂ 5800ක වියදමින් කොළඹ නගරයේ විධිමත් ජලාපවාහන හා මලාපවාහන උමං පද්ධති ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (30) පැවසීය.
දැනටමත් බොරැල්ලේ සිට දේවිබාලිකා විද්‍යාලය හරහා හීන් ඇළට වැසි හා අපජලය ගෙන යන උමං මාර්ගය ඉදිකර අවසන් බවද රණවක මහතා පැවසීය.
රණවක මහතා මෙසේ පැවසූයේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහනගර හා බස්නාහිර සංවර්ධණ අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී වන අතර එහිදී ඉදිරිපත් වූ කරුණු අනුව ඇමරිකන් ඩොලර් මිලියන 321ක ව්‍යාපෘතියක් කොළඹ නගරයේ විධිමත් ජලපවාහන හා මළාපවාහන පද්ධතියක් සකස් කිරිම සඳහා අරඹා ඇත.
ඒ සඳහා වැය වන මුදලින් ඩොලර් මිලියන 214ක් ලෝක බැංකු ආධාර ලෙස ලැබී තිබේ.
මෙම ජලාපවාහන හා මළාපවාහන පද්ධති උමං මාර්ග ලෙෂ ඉදිකෙරෙන අතර ලන්දේසින්ගෙන් පසුව එවැනි ව්‍යාපෘතියක් ආරම්බ කරන්නේ පළමු වරට බවද රණවක මහතා පැවසීය. මේ ව්‍යපෘතියට අනුව ඕලන්ද සමගේ ඉදිවූ මුතුවැල්ලේ උමග ත්‍වනුවට නව උමගක් ඉදිකෙරෙන අතර කින්සි පාර”
ඩී. එස් විද්‍යාලය හරහා ඇළ මාර්ගයක් ඉදිකිරිම දැනට ආරම්බ කර ඇත. නිදහස් චතුර්ස‍්‍රය. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාව ඇතුලූ කොළඹ හත ප‍්‍රදේශය ආවරණය වන පරිදි ටොරින්ටන් උමං මාර්ගය ඉදිකෙරේ.
කොළඹ ගංවතුර පාලනයට කැළනිගග බහුකාර්ය යෝජනා ක‍්‍රමයක් පිළිබඳ යෝජනාවක් මහනගර හා බස්නාහිර සංවර්ධණ අමාත්‍යංශය රජයට ඉදිරිපත් කර තිබේ. එමගින් කැළනි ගගේ වැඩි වතුර වියළි කලාපයට යැවීමටත්, වේලී අලූවැඩියා කිරිමටත්, පානීය ජල යෝජනා ක‍්‍රමය තවත් වැඩිදියුණු කිරීමටත්, කැළණි ගඟ ප‍්‍රවාහන කටයුතු සඳහා යොදාගැනීමටත් බලපොරොත්තු වේ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)