කොළඹ කොටුව අවට වාහන තද බදයක්


කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

වරාය අධිකරිය,ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ විරෝධතා පාගමනක් අද (08) කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී පවැත් වුණී.

ජාතික සම්පත් විකිණීමට එරෙහිව,කෙලවරපිටිය බලාගාරයෙන් 40% ඇමරිකාවට විකිණිමේ ගිවිසුම අහොසි කිරිම,රටට ඩොලර් ලැබෙන වරාය් සතු ඉඩම්හා සේවාවන් විකිණිම වහා නැවතිම,ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 6කට කැඩීම වහා නැවැතීම,එල්.එන්.ජී ගෙන්විමේ,ගබඩා කිරිමේ එකාධිකරය ඛණිජ තෙල් සංස්ථාවට පැවරීම ආදී කරුණු රැසක් මුල් කර ගනිමින්  ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව,වරාය විරෝධතා කරුවෝ පාගමනීන් කොටුව දුම්‍රිය ස්ථානයේ සිට ජනාධිපති ලේකම් කාර්‍යාලය දක්වා ගමන් කර මේ පිළිබදව නිසි විසදුමක් ලබා දෙන්නැයි ඉල්ලමින්  සඳහා ජනාධිපති ලේකම් කර්‍යලයට ලිපියක්ද  භාරදුන්හ.

(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ )