කොළඹ කුණු මාළිගාවත්තට එපා යැයි විරෝධතා


(උපාලි රණවීර)

කොළඹ නගරයේ  කසල දොම්පේ මාළිගාවත්ත රක්ෂිතයේ කසල කළමණාකරණ මධ්‍යස්ථානයට රැගෙන ඒමට  විරෝධය පළ කිරිම සඳහා ප්‍රදේශවාසිහු අද (18)  විරෝධතාවයක  නිරත වුහ.

පෙරදිනයේ දී  කසල ලොරි අටක් මෙම මධ්‍යස්ථානයට  රැගෙන එනු ලැබු බවයි. විරෝධතාවයේ නිරත වු  පිරිස්  පැවසුවේ යළිත් කසල ලොරි  ප්‍රදේශයට රැගෙන ඒමට ඉඩ නොතබන ලෙසයි.