එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප පොරය වඩාත්ම උණුසුම් ලෙස දැනුණු දිස්ත්‍රික්කය වූයේ කොළඹ දිස්ත්‍රික්කයයි. එහි ඡන්දයට නාමයෝජනා ලබා ගැනීම පවා ඇතැම් පිරිසට දැඩි අසීරුවක් විය.
ඒ අනුව කොළඹ මනාප පොරයෙන් ප්‍රබල දේශපාලනඥයන්ටද පාර්ලිමේන්තු අසුන් අහිමි විය. දැවැන්ත බලකණු පවා සෙලවෙන දැඩි තරගයක් පැවැති කොළඹ දිස්ත්‍රික් ප්‍රතිඵල සටහනේ තේරී පත්වුණු අපේක්ෂකයෝ විශාල මනාප ප්‍රමාණයක් ලබාගත් අතර පරාජයට පත්වූවන්ගෙන්ද ඇතැම්හු වැඩි මනාප ප්‍රමාණයක් ලබා සිටියහ. නමුත් ඔවුන්ට පාර්ලිමේන්තු අසුනක් හිමි වූයේ නැත.
පාර්ලිමේන්තුව නියෝජනය කළ එමෙන්ම ඇමැති පදවි පවා දැරූ රෝසි සේනානායක, තිලංග සුමතිපාල, ගීතාංජන ගුණවර්ධන, චන්දන කත්‍රිආරච්චි, රෝහිත බෝගොල්ලාගම, ජයන්ත කැටගොඩ වැන්නවුන්ට මෙවර මනාප සටන ජයගැනීමට නොහැකි විය.
එජාපයෙන් විශාල බලාපොරොත්තු තබා සිටි ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු, මාධ්‍යවේදියකු හා ග්‍රන්ථ කතුවරයකුවූ උපුල් ශාන්ත සන්නස්ගලටද අසුනක් හිමිවූයේ නැත.
මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජයට පත්වුණු අපේක්ෂකයෝ
එක්සත් ජාතික පක්ෂය - කොළඹ දිස්ත්‍රික්කය
රෝසි සේනානායක - 65320
මංජු ශ්‍රි අරංගල - 56359
ලෙනාඩ් කරුණාරත්න - 48273
උපුල් ශාන්ත සන්නස්ගල - 40194
ඒ.එස්.කුහවර්ධන් - 39293
නිරෝෂන් පාදුක්ක - 34175
ෆෙරෝසා ෆාතිමා මුසම්මිල් - 27033
ජයන්ත ද සිල්වා - 22892
සුනේත්‍රා රණසිංහ - 18860
උදාර රත්නායක - 13788
ශ්‍රීනාත් පෙරේරා - 12839
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ධනසිරි අමරතුංග - 33784
ජගත් කුමාර - 29702
කාන්ති කොඩිකාර - 27976
මහේෂ් අල්මේදා - 27888
ජනක වැලිවත්ත - 25118
තිලංග සුමතිපාල - 21810
ප්‍රසන්න සෝලංගආරච්චි - 17631
ගීතාංජන ගුණවර්ධන - 16490
මල්ෂා කුමාරතුංග - 16375
චන්දන කත්‍රිආරච්චි - 15399
රෝහිත බෝගොල්ලාගම - 8070
නල්ලයියා කුමාර කුරුපන් - 5158
ජයන්ත කැටගොඩ - 5120
වජිරා මාපලගම - 4689
සාවුල් හමීඩ් මොහොමඩ් - 3618
ජනතා විමුක්ති පෙරමුණ
කේ.ඩී.ලාල්කාන්ත - 54466
ලක්ෂ්මන් නිපුණආරච්චි - 12349
සුනිල් වටගල - 12332

