(සුජිත් හේවාජුලිගේ )
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය .
දිවයින පුරා ආසාදිතයින්ගෙන් ලබාගත් වයිරස නියැදි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය වන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.
කොළඹ සාම්පල 10 ක ඩෙල්ටා ආසාදනය වූ දෙන්නෙකු තුන් දෙනකු සිටිනවා නම් සියයට 30 ක ප්‍රතිශතයක් ලෙස එය ගෙනහැර දැක්විය හැකි බවත් කොළඹ ප්‍රදේශයේ සියයට විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් ඩෙල්ටා ප්‍රභේදයේ අය විය හැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද දැනුම් දී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

