1991 වසරේ දී ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපතිව සිටියදී 16 හැවිරිදි සිසුවකු ඝාතනය කළ පොලිස් අධිකාරී රොෂාන් ද සිල්වා හා කොස්තාපල්වරු දෙදෙනකුට පානදුර මහාධිකරණ විනිසුරු එම්.ඉසෙඩ්.රසීම් මහතා අවුරුදු අටක බරපතල වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් 25,000 බැගින්වූ දඩ නියම කළේය.
රොෂාන් ද සිල්වා සමග එකල ඉංගිරිය පොලිසියේ කොස්තාපල්වරුන් ලෙස සේවය කළ මුදියන්සේලාගේ ජයසේන හා සිංහල විරුදලාගේ දීප්ති ශාන්ත යන දෙදෙනාටද එසේ දඬුවම් නියම කෙරිණි.

