(මහින්ද නිශ්ශංක)
උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙක අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඊයේ ද මෙම තැපැල් දුම්රිය දෙක අවලංගු කෙරිණි.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අදත් දෙවන දිනට කොළඹ කොටුව සිට නානුඔය දක්වා සීමා කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.