කොළඹ -නුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්


(මලීෂා හසන්ති)

එඩේරමුල්ලේ සිට කොළඹ කොටුව දක්වා වන දුම්රිය මාර්ගයේ එකම මංතීරුවේ දුම්රිය 3ක් නවතා තිබීමෙන් කොළඹ නුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්  පවතී.

දුම්රිය සංඥා පද්ධතිය ක්‍රියා විරහිත වීමෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පවතින  තත්ත්වය හේතුවෙන් දුම්රිය  මගීහු  දැඩි පීඩාවට පත්ව සිටිති .

 

https://tinyurl.com/y6yyl6t5

https://tinyurl.com/y3ar9tf8

 සබැඳි පුවත්