කොළඹ, ගම්පහ ප්‍රදේශ කිහිපයක පැය 16ක ජල කප්පාදුවක්


සපුගස්කන්ද විදුලි උප පොළෙහි අලුත්වැඩියාවක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට පෙරවරු 08.30 සිට පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

පෑලියගොඩ, වත්තල - මාබෝල, ජා ඇළ නගරසභා බලප්‍රදේශවලටත් කටුනායක, සීදූව නගරසභා බලප්‍රදේශයටත් ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇළ ප්‍රදේශීය සභා බලප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

එළඹෙන බ්‍රහස්පතින්දා ද (20) පෙරවරු 08.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.