කොළඹ - ලංකාපටුන අලුත් බස්සේවයක්
කොළඹ සිට ලංකාපටුන දක්වා නව බස් සේවාවක් ජනවාරි පළමු වැනි දා සිට ආරම්භ කරන බව අංගොඩ ඩිපෝ කළමනාකාර සංජීව සුබනආරච්චි මහතා පැවසීය.
කොළඹ පිටකොටුව බස් නැවැතුම්පොළෙන් දිනපතා පස්වරු 1.00ට මෙම බස් රථය ලංකාපටුන බලා පිටත්වේ. ලංකාපටුනෙන් අලූයම 4.00ට කොළඹට පිටත්වේ.
කල්අඩියේ පාෂාණ පබ්බත විහාරාධිකාරී රත්නපුරේ දේවානන්‍ද හිමියෝ මෙම බස්සේවය අරඹන්නැයි ඉල්ලා සිටියහ.

