කොළඹ - බදුල්ල පාරට රොන්මඩ ගලා එයි


(සමන්පාලිත නානායක්කාර)

පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයට කළුපහන 171 කිලෝමීටර් කනුව අසලදී අද පෙරවරුවේ රොන් මඩ සහිත පස් කන්දක් කඩා වැටී ගමනා ගමනය ට තරමක් බාධා එල්ල වී ඇතැයි  හල්දුම්මුල්ල පොලීසිය කියයි.

වැසි වැඩි අවස්ථාවන් වලදී රොන් මඩ සහිත පස් තට්ටු මාර්ගය හරහා ගලා යන බැවින් වාහන ධාවනය කිරීමේදී අවදානමක් පවතින බැවින් විමසිලිමත් විය යුතු බවත් පොලිසිය කියයි.

මාර්ගයට ඉහළින් ඇති නායමඩිත්ත අව්කන ඇළ නමැති වාරි මාර්ග ඇල පිටාර ගැලීම හේතුවෙන් මෙම අවදානම්කාරී තත්ත්වය මතුවී ඇති බවද මෙය නිසි අවධානය යොමු නොවී කාලයක් තිස්සේ පවතින අවදානම් තත්වයක් බවද ප්‍රදේශවාසීහු පවසති.