(ටී.කේ.ජී.කපිල)
ගංවතුර සහිත ආපදා තත්වය මත වසා දමා තිබූ ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් මගී ගමනාගමනය සඳහා අද (12) විවෘත කෙරිණි.
එය සංකේතවත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද උදෑසන කොචින් බලා පිටත්ව ගියේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 166 දරණ එම ගුවන් යානය අද උදෑසන 9.10 ට කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය අතර ඒ සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඒ.- 330 - 243 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබිණි .
මෙම ගුවන් ගමන් ඉකුත් අගෝස්තු 9 වැනිදා උදෑසන හදිසියේම ඇති වූ ගංවතුර තත්වය නිසා අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා බලධාරීන් මෙන්ම , කොචින් ගුවන් තොටුපළ බලධාරීන් ද පියවර ගෙන තිබිණි.
සතියේ සෑම දිනකම එක් වරක් මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සැලසුම් කර තිබේ .

