කොළ තුනේ සූදුවට අහුවුනොත් ඉවරයි


දකුණු ඇමෙරිකාවේ හා නැගෙනහිර යුරෝපයේ අපරාධ කල්ලි බ්‍රිතාන්‍ය පර්ලිමේන්තුව ඉදිරිපිට ලන්ඩනයේ ජනාකීර්ණ වෙස්ට්මිනිස්ටර් පාලම උඩ ද කොළ තුනේ සුදුවෙන් මිනිසුන් අමාරුවේ දමතියි නගරවැසියෝ කියති. මුලින් තම කල්ලියේ අය විශාල මුදල් දිනාගත් බව පෙන්නා බලා සිටින්නන් ආකර්ශනය කැරගෙන ඔවුන්ගේ තුට්ටුදෙකට තට්ටු කරන මේ සූදුවට ලන්ඩනයේ දෙන දඬුවම ද ඉතා ළිහිල් නිසා පොලිසියෙන් ප්‍රශ්නයක් නැතිව ඔවුහු ප්‍රසිද්ධියේ සුදූ කෙළිති.