කොස්තාපල්වරියට තුවාල කළ නීතිඥවරියට ඇප


නිමන්ති රණසිංහ

අධිකරණ භූමියට ඇතුළු වන ස්ථානයේ දී පරීක්ෂාවට ලක් කිරීමේ දී පොලිස් නිලධාරිනියකට බාධා කර සුළු තුවාල සිදු කළැයි කියන නීතිඥවරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ කෙසෙල්වත්ත පොලිසියට අනියුක්තව සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකි.

මෙලෙස ඇප මත මුදා හැරුණේ ටී.පොතුපිටිය නැමැති නීතිඥවරියකි.