කොස්තාපල් හා ලේකම් වැඩ වරද්දා ගනී


කොළඹ කොටුවේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ගැවසෙමින් එහි යන එන අයට මත් පෙති විශේෂයක් අලෙවි කළ බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමි නමකගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයකු බව කියන අයකු ද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ කොස්තාපල්වරයකු ද ඇතුළු සිවු දෙනකු  මත් පෙති 48ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශංක අංශය  කියයි. පෙත්තක වටිනාකම රුපියල් 3500ක් පමණ වෙතැයි ද කියයි. සුරාබදු මත්ද්‍රව්‍ය නාශංක අංශයේ ස්ථානාධිපති සඳලාල් පතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම කළහ.