කොස්තාපල් ඝාතනයට සිව් දෙනෙක් සැකපිට


කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ සේවය කළ කොස්තාපල්වරුන්  දෙදෙනකු පැහැරගෙන ගොස් ඔවුන්ගෙන් එක් අයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන ආරක්ෂක අංශ සමාජිකයන් ඇතුළු සිවු දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (16) අත් අඩංගුවට ගනු ලැබූහ. ගුවන් හමුදා භටයකු, යුද හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනකු ඒ අතර සිටින බව පොලිසිය පවසයි.